8වැනි ආසියානු නෙට්බෝල් තරගාවලීයේදී දැල්පන්දු වාර්ථා පොත් වෙනස් කරමින් නේපාලය පරදවා විශිෂ්ට ජයක් ලැබීමට ශී‍්‍ර ලංකා පිල ඊයේ (27) සමත් විය. එහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 127-03ලෙස නේපාල කණ්ඩායම පරාජයට පත්වු අතර, එම ලකුණු සංඛයාව ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියක ලබාගත් ඉහළම ලකුණු සංඛයාව ලෙස වාර්ථා අතරට එක්විය.
ශී‍්‍ර ලංකාව හමුවේ නේපාලය පළමු වටයේදී 28-02ක් වශයෙන්ද දෙවනි වටයේදී 35-00වශයෙන්ද තේවන වටයේ 30-00වශයෙන්ද අවසාන වටයේ 34-01ක් වශයෙන් පරජයට පත්විය.
මෙම ජයග‍්‍රහණයට ගෝල විදීමේ කී‍්‍රඩිකා තර්ජනී ශිවලිංගම් (නායිකා)ගෝල දිනුම් 58ක් වාර්ථා කරමින් දායක වු අතර, සෙසු ගෝල විදීමේ කී‍්‍රඩිකාවන් වන සේමිණි අල්විස් හා තිසාලා අල්ගොඩ එක්ව ගෝල දිනුම් 69ක් වාර්ථා කරමින් තම දායකත්වය ලබා දුන්හ.
මේ වන විට ‘ඒ’ කණ්ඩායමේ පෙරමුණ ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වී ඇති අතර, ඔවුන්ට තවත් එක් තරගයකට මුහුණ දීමට ඇත. එම තරගය අද (28) ජපානයට එරේහිව සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.







