නිල් බලකායේ මැරයින් 10 - 15ක පමණ කණ්ඩායමක් පැමිණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින්ට අද පෙ.ව. 8.30ට පමණ හම්බන්තොට, සූරියවැව නගරයේදී පහර දී තිබේ.
පසුගිය දින කිහිපයේදී සූරියවැව ප‍්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් විසින් දියත් කරන ලද අතර ඊටද හම්බන්තොට දේශපාලනය කළ හැක්කේ ආණ්ඩුවට පමණක් බව පවසමින් නිල් බලකායේ විසින් දිගින් දිගටම බාධා කරනු ලැබීය. එහෙත් බාධා කිරීම් නොතකමින් දිගටම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කරනු ලැබූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
දුමින්ද නමැත්තා ඇතුළු පිරිසක් මෙම පහරදීමට සම්බන්ධව ඇත.
අද සිදු කරන ලද පහරදීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයකු වන රොහාන් මහතා විසින් 119 හදිසි ඇමතුම් අංකයට යූටීආර් 16932 අංකය යටතේ පැමිණිලි කරනු ලැබ තිබේ.






