Latest news
A+ R A-

උසස් පෙළ අපේක්ෂකයෝ රට පුරා වීදි බසිති

E-mail Print PDF

 

altඋසස් පෙළ විභාගයේ පොදු පරීක්ෂණය අද පැවති අතර එම පරීක්ෂණය අවසානයේ රට පුරා නගර රැසක පාසල් ශිෂ්‍යයින් විරෝධතාවල නිරත වූ බව අප වාර්තාකරුවෝ පවසති.

මහනුවර කිංග්ස්වුඞ් විදුහල ඉදිරිපිට, කෑගල්ල නගරය, නාත්තන්ඩිය, රත්නපුර, මාතර, අම්පාර, ඇතුළු ස්ථාන නගර රැසක විරෝධතා ව්‍යාපාර ක‍්‍රියාත්මක වූ බව වාර්තා වේ.

මෙවර උසස් පෙළ විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර අවුල් කිරීමට විරෝධය පළ කළ සිසුහු තමන්ගේ ජීවිත විනාශ නොකරන ලෙස රජයට බල කළහ.

මේ අතර පොළොන්නරුව මැදිරිගිරිය පාසල ඉදිරිපිට සිසුන් විසින් පෙත්සමකට අත්සන් තැබූ බවද අප වාර්තාකරු පවසයි.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයින පුරා වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් තවමත් පවතී. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ... Read more

online

We have 92 guests online

Advertisment

advertisment