2011 උසස් පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් අවසාන විසඳුම ඇතුළත් වාර්තාව ලබන 03 වැනි දින ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට නියෝග කර තිබේ.
ඉසෙඩ් ස්කොර් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නැවත වරක් ගණනය කළ ලකුණු ක්‍රමයෙන් අසාධාරණයට ලක් වු බව පැවසෙන සිසුන් 33දෙනෙකු ගොනු කර තිබු පෙත්සම් සලකා බැලු අවස්ථාවේදී අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින් එම නියෝගය නිකුත් කරනු ලැබීය
එහිදී නීතිපතිවරයා දැනුම් දි සිටියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව හා පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් එක්ව ඉසෙඩ් ස්කොර් අර්බුදය විසදීමට අවසන් වාර්තාව සකස් කරමින් සිටින බවයි.
මෙම වාර්තාව අවසන් වාර්තාවක් විය යුතු බවත්, ඉන් කිසිවෙකුගේ අයිතිවාසිකම් කඩ නොවිය යුතු බවත් එහිදී එහිදී අගවිනිසුරුවරිය අවධාරණය කර සිටියාය. එමෙන්ම හැකි තරම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන ලෙස අගවිනිසුරුවරිය දැනුම් දුන්නාය.
යම් හෙයකින් ලබන 03වැනි අවසන් වාර්තාව ඉදිරිපත් කිරිමට නොහැකි වුවහොත් එය ලබන 10වැනිදා කැඳවීමට ද නියම කෙරිණ.








