5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අවසන්වීමට ප්‍රථම පිළිතුරුපත් ඇගයීම් කටයුතු ආරම්භකර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි. මේ තුළින් විභාගයට පෙනී සිටි සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව ඒ මහතා පෙන්වා දෙයි.
මේවන විට පිළීතුරුපත් ඇගයීමට අදාළ ලකුණු පටිපාටිය සකස් කිරීම ආරම්භ කර ඇති බවත් සිසුන්ට සාධාරණයක් ඉටුවන පරිදි ලකුණු පටිපාටිය සකස් කිරීමට නම් දැනට ක්‍රියාත්මක වන පරීක්ෂණවල තීරණ ලැබීමෙන් පසු එය සිදුකළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.








