අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය ගෞරවණීය වේවැල්දෙණියේ මේධාලංකාර මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන සැප්තැම්බර් මස 03 වැනි දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මහ නාහිමියන්ගේ දේහය මේවන විට මහජන ගෞරවය සඳහා ගම්පහ,මීරිගම ශාසනවර්ධන පිරිවෙනේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ ආදාහන පූජොත්සවය සැප්තැම්බර් මස 03වන දින මීරිගම රජයේ පාසල් ක්‍රීඩාංගණයේදී සවස 3.00ට සිදුකිරීමට නියමිතය.
කෙසේ වෙතත් එදින ජාතික ශෝක දිනයක් බැවින් සියලු සුරාසැල් වසාතැබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.








