මාධ්‍යවේදී විමල් කැටපේආරච්චි විසින් රචිත ඔහුගේ කුළුදුල් නවකතාව වන “දූවිලි සේල“ නවකතාව සැප්තැම්බර් මස 04 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. එළිදැක්වීමේ උළෙල එදින සවස 4.00ට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
චන්ද්‍රසිරි දොඩංගොඩ සහ වරුණ දීප්ත රාජපක්ෂ යන මහත්වරුන් එදින ප්‍රධාන දේශන පැවැත්වීමට නියමිත බව සංවිධායක මණ්ඩලය පවසයි.
“දූවිලි සේල“ නවකතාව ජනරළ පුවත්පතේ කොටස් වසයෙන්ද පළවිය.







