මේ වන විට පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් විශාල වශයෙන් පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.
දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් දුරකතන හා ෆැක්ස් මාර්ගයෙන් මෙම පැමිණිලි ලැබෙමින් තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
උපකාරක පන්ති ගුරුවරුන් මෙන්ම උපකාරක පන්ති පවත්වන පාසල් ගුරුවරුන් මේ ආකාරයට ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කලින් දරුවන්ට උගන්වා ඇති බවට පැමිණිලි ලැබෙන බවද එම පොලිස් නිලධාරියා කීවේය.
විභාග වංචා සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ හැත්තෑවක් සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසුවේය.








