ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු ලබන 03 වැනිදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්.එම්. පුෂ්පකුමාර මහතා පැවසීය.
නමුත් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල නිගමන නොලැබීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගුරු සංගම් සිය දැඩි විරෝධය පළකර සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ විභාගයේ ප්‍රශ්න කලින් පිටවී ඇත්නම් එම ප්‍රශ්නවලට ලකුණු ලබා දෙන පටිපාටියද වෙනස්විය යුතු බවත් එලෙස නොවේ නම් සිසුන් විශාල පිරිසක් දැඩි අසාධාරණයකට ලක්වන බවත් ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ඇගැයීම් කටයුතු කරන පාසල්වල තෙවැනි පාසල් වාරය ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 10 වැනිදා බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි. පාසල් විසි දෙකක ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු කරන බවත් එම පාසල් මෙලෙස ලබන 10 වැනිදා අරඹන බවත් අමාත්‍යංශය සඳහන් කරයි.






