Latest news
A+ R A-

වෛද්‍යවරයෙකුට පහරදී අ,පුර රෝහල වැඩ වරයි

E-mail Print PDF

 

රාජකාරිය සඳහා පැමිණෙමින් සිටි වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද (31) උදෑසන සිට සංකේත වැඩවර්ජනයක නිරතව සිටී. දේශපාලන පක්ෂයකට සම්බන්ධ ආධාරකරුවන් පිරිසක් විසින් ඊයේ (30) රාත්‍රී මෙම පහරදීම සිදුකර තිබේ.

එම පහරදීම සිදුකළ පිරිස වහාම නීතිය හමුවට පමුණුවන ලෙස බලකරමින් අද දින වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් වුවහොත් සදුදා දිනයේදී උතුරු මැද පළාතේ සියලු රෝහල්වල වර්ජනයක් දියත් කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 121 guests online

Advertisment

advertisment