A+ R A-

මා ඔබේ විශ්වාසවන්තයාය

E-mail Print PDF

 

මෙසේ මඩකලපුව ජනයා වෙත අලුත් පණිවිඩයක් ගෙන එන්නේ මහින්ද රාජපක්ෂය. ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මඩකලපුවේ ජනයා වෙත නගරය පුරා තැනින් තැන ප්‍රදර්ශණය කරන මේ බැනරයේ ඇත්තේ අපූරු කතාවකි.

ඡන්ද ව්‍යාපාරයේදී දේශපාලනඥයින් ඇද දමන පොරොන්දු මෙන් නොව අසමගිය, සැකය එකිනෙකා කෙරෙහි වර්ධනය කරලූ සමාජයක ඊට එරෙහිව පාලකයකුට පෙනී සිටිය හැකිනම් එය වඩා තීරණාත්මක අදහසකි. එහෙත් මේ කියන්නේ මහින්ද රාජපක්ෂ නිසා එක් පැත්තකින් එය ආශ්චර්යයකි.

එහෙත් ගෙවුණු වසර 03ක් පුරා මඩකලපුවේද, සෙසු නැගෙනහිර ජනයා පෙළන පීඩාවන් දෙස බලන විට පෙනී යන්නේ මේ කතා සහ වෙනස් සියලු කතා සහ කෙරුවාව අතර ඇත්තේ අහසට පොලව මෙන්වූ ගැටුමකි. ඊට පදනම්වූ සංකීර්ණ සිදුවීම් මඩකලපු බිමින් පමනක් ඕනෑ තරම්ය.

නැගෙනහිර බිමෙහි යුද්ධය කල් තියා අවසන් කළ බවට පාරම්බානා ආණ්ඩවු නැගෙනහිරට නැගෙනහිර නවෝදයද ගෙනාවේය. එහෙත් නැගෙනහිර නවෝදය සාම්පූර් ජනයාට නවෝදය ගෙනාවේ නැත. අදටත් ඔවුන් කිලිනොච්චියේත්, තෝපූර් ඇතුළු ප්‍ර දේශවලත් තැන් තැන්වල දිවි ගෙවති. එහෙත් ඔවුන්ගෙන් ඇතැමකුට අදටත් සාම්පූර් ඉදිකල තම නිවාස වෙනුවෙන් බැංකුවලින් ගත් ණය සඳහා ණය වාරික ඉල්ලා ලියුම් ලැබෙන අතර, සෙසු බොහෝ දෙනෙකුට ආණ්ඩුවම ලබාදුන් ආහාර සලාකද කප්පාදු කොට තිබේ.

මෙහිලා ප්‍රමුඛ කොට ගතයුතු ඉතා වැදගත් කරුණක් වනුයේ, නැගෙනහිරත්, බස්නාහිර ඇතුළු සෙසු ප්‍ර දේශ වලත් ජනයා එකිනෙකා මරාගන්නා ඇනකොටා ගන්නා තත්ත්වයකට ඇද දමන සුළු ආණ්ඩුවේ හැසිරීමයි. බ්‍රිතාන්‍යයන් බෙදා වෙන්කර පාලනය කලා සේ අද ආණ්ඩුව සිය ආරක්ෂක ගෝල බාලයින් කැටුව නැගෙනහිර ජනයා අතර ආගමික ගැටුම් වර්ධනය කරලීමේ සූක්ෂම සැලසුම් ක්‍රියාවට නගමින් සිටි.

ඒ සදහා ක්‍රියාත්මක සිදුවීම් ගණනාවකි. හිටි හැටියේ තාන්ඩිකුලම් මුස්ලිම් ජනයාව ඊට යාබදව පිහිටි ආරියම්පති ප්‍ර දේශයේ දෙමළ ජනයා අතර ගැටුමකට මුල පුරමින් දමිල බහුතරයක් වෙසෙන ආරියම්පදි ප්‍රදේශයේ ඉදිකර තිබූ “විවේක කන්ද ස්වාමි“ ගේ පිළිරුවකට අලාභ හානි සිදු කෙරිනි. ඊට ටික දිනකට පසු නැවත වාරයක් මඩකලපු නගරයේ තිබූ පිලිම කිහිපයකට එකවර හානි සිදු කෙරිනි.

එහෙත් පළමුව වික්ෂිප්තවූ ජනය දෙවනුව එහි පසුපස ආණ්ඩුව ඇති බව ඉතා ඉක්මනින් තේරුම් ගත්හ. අවසානයේ පිළිම යලි ඉදිකිරීමේ වගකීම ආණ්ඩුවටම පවරා ගැනුනි.

මුස්ලිම්වරු බහුතරයක් වෙසෙන මන්මුනෙහි පිහිටි හින්දු කෝවිලක් වෙත ඉවතලන ගවමස් කොටස් ගෙනැවිත් දැමූ අතර මන්මුනෙහි මුස්ලිම් ජනයාට එරෙහිව හින්දූන් උසිගැන්වීම එහි බලාපොරොත්තුවිය. නැවත එහි ප්‍රතිවිරුද්ධය සිදුවූයේ රාමසාන් සමයේ උරුග්‍රාමම් ප්‍ර දේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට ප්‍රහාර එල්ල කිරීමෙනි. විශේෂත්වය වූයේ ඒ අවට හින්දුන් පදිංචිව නොසිටීමය. රාමසාන් සමයේ පල්ලියකට ප්‍රහාර එල්ලව පැවතියද ගැටුමකට යා නොදී තත්ත්වය තේරුම් ගැනීමට මුස්ලිම් ජනයා සමත්විය.

එකක් පසුපස එකක් දිගුවක මෙවැනි සිදුවීම් මගින් පෙන්වා දෙනුයේ නැගෙනහිර මුස්ලිම් දමිළ ගැටුමකට ආණ්ඩුව කැස කවමින් සිටින බවයි.

මේ සියල්ල යටිඋගුල්සේ ක්‍රියාවට නගන ආණ්ඩුව ඡන්දය කොල්ලකෑම වෙනුවෙන් සියලු ජනයාගේ සහෝදරත්වය ඉල්ලා මඩකලපු නගරය මධ්‍ය යේ බැනර් එල්ලා සිටී.

ඒ එක පුවතකි. යුද විනාශය පැවැති වකවානුවේ කරදියනාරු ඉලුක්පච්චේන ප්‍රදේශයේ තිබූ වේට්ටුවාන් පාදයිල් (වේට්ටුවාන් මාවත) අද හදුන්වන්නේ සාජන් පතිරණ මාවත යන නමිනි. එසේම ආයිත්තමලේ උන්නච්චිය පාර අද ගෝඨාභය මාවත යන නමින් හඳුන්වාදේ. නැගෙනහිර ගලා ගිය රුධිරය දමිළද මුස්ලිම් හෝ සිංහලද යන්න කෙසේ වුවද පළමු දේ සියළු රුධිරය ගලාගිය බවය. එහි වරද අප හැමටම පැවරේ. ඉන් කිසිදු අයකුට දෑත් පිසලීමට නොහේ. ඒ කුමක් වුවද නැගෙනහිරදී අහිමිවූ සිය ඥාතියාට, සිය සහෝදරයාට, දරුවන්ට නැති සොහොන් මංමාවත් උතුරේද දකුණේද නැගෙනහිරද ඉදිවේ. වාර්ෂිකව හෝ සැමරේ. ඒ සියලු මළ මිනිසුන් වෙනුවෙන්ද නොවේ. රණවිරුවන් නමිනි. එහෙත් උතුරේද නැගෙනහිරද මියගිය මරා දැමුණු සෙසු මිනිසුන්ද මිනිසුන්ය. ඒ බව අධිපති පාලකයන්ට අදාළ නැත. ඔවුන් නොනැවතී සිය බලහත්කාරය මුදා හරී. මේ ඊට නැගෙනහිරින් ගෙන එන නිදසුන්ය. එහෙත් යටපත් කළ ජනයා මත යටපත් බාවය ගෙන එමෙන් ඔවුන්ගේ හිසට ඉහලින් සාජන්ට්  පතිරන නැතිනම් ගෝඨාභය එසෙවේ.

කුමන ආකාරයෙන් හෝ සිය සිතැගි වෙනුවෙන් බලය පාවිච්චි කිරීමට ඉටාගෙන ඇති පාලකයන්ට මේව ආරුමයක් නොවේ. කොළඹ නගර මැද තිබූ ආනන්ද කුමාරස්වාමි මාවත ජාතිවාදී පුවරුවක් නොවේ. ඊට උඩින් කවුරුන්හෝ තාර ගෑමට අර ඇද්දේද නැත. එහෙත් එහි තාර ගෑ ජනාධිපති සහචරයෝ ඊට උඩින් නෙළුම් පොකුණ මාවත ඇද දැමූහ. මේ නම් කුමන සහෝදරත්වයක්ද? නැගෙනහිරදී සහෝදරත්වය ඉල්ලන මහින්දට හෝ ජාතිවාදීව ජාතිවාදය නොපෙනුනාසේ ඉන්නා අයවළුන්ට මේ ගැන ඇත්තේ කවරවූ කතාවක්ද?

තවදුරටත් සිදුවන මිලිටරි බලහත්කාරීත්වය එක් එක් ආකාරයෙන් ක්‍රියාවට නැගේ. දැරිවියන් කරා එය විවිධ ස්වරූපයෙන් පැටවේ. විටෙක යාප්පුවෙන්ද, විටෙක සෘජු බලහත්කාරීත්වයෙන්ද, එය පැටවේ අවි දරන මිලටරියට මේ බොහෝ දෙනා තවමත් යටපත්ය. සරසවියේ පටන් ග්‍රාමීය භූමි දක්වා ආණ්ඩුව සමඟ බලහත්කාරිත්වය පාන දමිල නායකයන්ටද තමන්ට රිසි පරිදි දේශපාලනය කරගෙන යාමට ඉඩකඩ ලැබී ඇත. ඒ නිසාම විරෝධය දිගුවන්නේ පවත්නා මුළු මහත් පාලනයටම එරෙහිවය. එවිට එහි හිස්තැන ඉතා අඩු ලංසුවකට දමිල කමද එකට පටලවා ජාතිවාදී පදනමෙන් දෙමළ ජාතික සන්ධානය වැනි බලවේගයකට යලි ගොඩනැංවීමට ඉඩ ප්‍රස්ථා ලබා දෙමින් ඇත. මේ සියලු ආකාරයේ රැවටීම්වලට ජාතිවාදයන්ට, ආගම්වාදයන්ට එරෙහි සක්‍රීය ජන ක්‍රියාකාරීත්වයක් නැගෙනහිරද, උතුරද, දකුණද අද ඉල්ලා සිටී. සම අයිතීන් ඉල්ලා සිටින අසමානතාවයට එරෙහි අරගලයක් අද ඉතා අවැසි අරගල භාවිතාවකි. 

 

This content has been locked. You can no longer post any comment.

Advertisment

advertisment