පසුගිය 29 දින සරසවි ආචාර්ය අනධ්‍යන සේවක ප‍්‍රශ්න විසඳා සරසවි යළි විවෘත කරන ලෙසටත් දින 70 කට ආසන්න කාලයක් අසාධාරණ ලෙස සිරගතකර සිටින තිළිණි - කව්මිණී රුහුණ සරසවි සිසුවියන් නිදහස් කරන ලෙසටත් බල කරමින් පැවති සිසු උද්ඝෝෂණයට එරෙහිව එල්ල වූ පොලිස් ප‍්‍රහාරය පිළිබඳවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලය ලෙස අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරගැනීම සඳහා ඉදිරියේදී ගන්නා ක‍්‍රියාමාර්ග පිළබඳ කෙරුණු මාධ්‍ය දැනුවත් කිරීමක් ඊයේ (30) සවස මරදාන CSR ශාලාවේදී පැවැත්විනි.
මෙහිදී අදහස් දැක්වූ සංජීව බණ්ඩාර මහතා, සිසු උද්ඝෝෂණයට ගල් මුල් ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බලකාය සූදානම් වී සිටි අයුරු ඡායාරූප ඇසුරෙන් විස්තර කරන ලදී. තවදුරටත් අදහස් දැක්වූ ඔහු ආණ්ඩුව විසින් නිකුත් කළ අධ්‍යාපන සම්බන්ධ ප‍්‍රතිපත්තිය පිළිබඳ අදහස් දක්වමින් පැහැදිළි කළේ,
”ආසියාවේ දැනුමේ කේන්ද්‍රය නොව නොදැනුමේ කේන්ද්‍රය බවට අද රට පත්ව ඇති බවයි. අධ්‍යාපනයට ඉහළ ප‍්‍රතිපාදන වෙන් කරන බව ප‍්‍රතිපත්තියේ තිබුනද සැබෑ ලෙසම වී ඇත්තේ 2005 දී 3% කට ආසන්න ප‍්‍රතිපාදන මේ වන විට 1.8% දක්වා අඩුවීම බවද විශ්වවිද්‍යාල ආචාර්යවරු විශේෂ පිරිසක් ලෙස සලකා කටයුතු කරන බව ප‍්‍රතිපත්තියේ තිබුනද අද ආචාර්වරුන්ට සිය අයිතීන් වෙනුවෙන් පාරට බැසීමට සිදුවී ඇති බවත්ය. තවද ආණ්ඩුව දැණුමේ ආර්ථිකයක් ලෙස සිය ප‍්‍රතිපත්තියේ විස්තර කරන දෙය යතාර්ථයේදී පවතින්නේ දැනුම වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම දෙසට හා අධ්‍යාපනය විකිණීම දෙසට බවයි. එසේ නොමැතිව දැනුම මත පදනම් වූ ආර්ථික වැඩපිළිවෙලක් ආණ්ඩුවට නොමැති බවද ඔහු පැවසීය. මෙහිදී අවසන් වශයෙන් අදහස් පළ කළ ඔහු කියා සිටියේ අද අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කිරීම හැර අන් කිසිදු දෙයක් ඉතිරී වී නොමැති බවත්, ඒ සඳහා සියලූ බලවේග එක් කරන සටනකට අවතීරණය වන බව වැඩිදුරටත් පැවසීය.

(විරෝධතා ව්‍යාපාරයට පහර දීමට පෙර හමුදාව සහ පොලීසිය විසින් අලවංගුවක් යොදාගනිමින් ගල් ගලවා එකතුකර තබා ඇති අයුරු)







Comments
The police and the army cannot understand that they are attacking their own children because they are blinded by power.
Although we say we are Buddhists and preach non violence we are a set of illeterate uncivilised barberic tribe.So we have no future