එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැරයන් පිරිසක් විසින් අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල් හේරත් මහතාට පහර දීමට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. පහර දීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ වෛද්‍ය චමල් හේරත් මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. සැකකරුවන් වහා අත්අඩංගුවට නොගන්නේ නම් උතුරු මැද සියලු රෝහල් වෛද්‍යවරුන් දිගටම වැඩ වර්ජනය කිරීමට සැරසෙන බවද වෛද්‍යවරු පවසති.







