අඹේවෙල ප්‍රදේශයේදී ගැටුමකට මැදිවී අහසට වෙඩි තැබූ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ ආරක්ෂකයින් අප පිට නිදහස් කර තිබේ.
අලුත් වැඩියා කරමින් තිබූ මාර්ගයක් වසා තිබූ බාධක ඉවත් කර ඇමතිවරයා ගමන් ගත් රථ පෙළ ඉදිරියට යාමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් ඊට විරුද්ධ වී ඇති අතර ගැටුමට හේතුවී ඇත්තේ එම සිද්ධියයි.
ඇමතිවරයාගේ ආරක්ෂකයින් තිදෙනකු හා ප‍්‍රදේශවාසීන් දෙදෙනකු නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිණි.







