අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව වාර්තා වේ. ආචාර්යවරන්ගේ ඉල්ලීම් ලබා නොදෙමින් කැබිනට් මණ්ඩලය විසින් සම්මත කර ගන්නා ලද යෝජනා අට පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරේ. එම යෝජනා මගින් සිය ඉල්ලීම් ඉටු නොවන නිසා වර්ජනය අවසන් නොකරන බව එම සමිති සම්මේලනය පවසයි.






