කල්මුණ, පෙරියනිලාවලී ප්රදේශයේ මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇත.
21 හැවිරිදි වියෙහි පසුවන කල්මුණ හා පණ්ඩිරිප්පු ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇති බව කල්මුණ පොලිසිය සඳහන් කළේය.
මෘත ශරීර කල්මුණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මේ පිළිබදව කල්මුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.








