චීන වරාය තුල පිහිටි ටෝකියෝ සිමෙන්ති සමාගම තුල හදිසි ගින්නක් හට ගෙන ඇති බව චීන වරාය පොලිසිය පවසයි.
ඊයේ (01) රාත්රී 08.35ට පමණ හටගත් ගින්න නාවික හා ගිනි නිවන හමුදාවල, ගිනි නිවන ඒකකවල සහාය ඇතිව චීන වරාය පොලීසිය ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇති අතර ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තාවී නැත.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නැති අතර චීන වරාය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බව චීන වරාය පොලීසියේ නිළධාරී මහතෙකු පැවසීය.








