A+ R A-

ඡන්දයට පෙර වන්දි ඉල්ලා පොළොන්නරුවේ ගොවීහු අඛණ්ඩ සත්‍යග්‍රහයක

E-mail Print PDF

 

නියගයෙන් විපතට පත් ජනතාවට මාස 09ක් තිස්සේ ගොවි විශ්‍රාම වැටුප් නොගෙවීමට එරෙහිව ගොවි අරගල ව්‍යාපාරය ඊයේ පොලොන්නරුව, ජයන්තිපුර 22 හන්දියේදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

දිස්ත්‍රික්කයේ සියලුම ගොවිජනපද ව්‍යාපාර නියෝජනය කරමින් ඇරඹි මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයට ගොවි ගෙවිලියන් 09 දෙනෙක් වාඩිවූහ. එම අවස්ථාවට එක්වූ ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක එස්.කේ. සුබසිංහ මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය.

පසුගිය ගංවතුර වෙලාවේ ජනාධිපතිවරයා පොලොන්නරුවට ඇවිල්ලා ගොවි ජනතාවට බිත්තර වී, තෙල් පොහොර ටික සහන මිලට, විනාශ වුණු ඒවට වන්දි ගෙවනවා ආදී පොරෝන්දු ගණනාවක් දුන්නා නමුත් දැන් අවුරුදු දෙකක් ගෙවිලා එක සතයක් දුන්නේ නැහැ. නියගයෙන් වගා හානි වෙලා මේවන විට මාස 09ක් වෙනවා තාම කිසිදු වන්දියක් ගෙවා නැහැ. දැන් ආණ්ඩුව ඇවිත් ගියනවා වන්දි ගෙවන්නම් ඡන්දෙ දෙන්න කියලා. ගොවි විශ්‍රාම වැටුප් කියන්නේ ගොවියාගෙන් කපා ගත්ත සල්ලි. ඒ සල්ලි ටික ගෙවන්නේ නැති ආණ්ඩුව වන්දි ගෙවයිද? නැහැ.  ගොවි ජනතාව රවට්ටලා ඡන්ද ටික ගරාගෙන 08 වෙනිදායින් පස්සේ තමන්ගේ වැඩ කරගෙන යන්නයි ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ.

අද අපි මේ අඛණ්ඩ සත්‍රයග්‍රහය ආරම්භ කරමින් ආණ්ඩුවට බලකර සිටින්නේ වන්දි ගෙවන ආකාරය සම්බන්ධයෙන් නීත්‍යානුකූල ලියවිල්ලකින් පොරොන්දුවක් ලබා දෙන්න සහ ඒ සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස බලකරමින්. අද ගොවියාගේ සටන් පාඨය විය යුත්තේ ඡන්දයට පෙර වන්දි ගෙවනු යන්නයි. එනිසා වගා හානිවූ ගොවීන්ට වන්දි ලබා දෙන බවට නෛතික පොරොන්දුවක් ලබා දෙනතුරු මේ සත්‍යග්‍රහය අත්හරින්නේ නැහැ. 

This content has been locked. You can no longer post any comment.

සේයා සටහන

අවුරුදු දා

අවුරුදු දා

අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනිමේ අරගලයට, අවුරුදු දා වුව විරාමයක් නොතබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Search