කලින් ප්‍රකාශ කළ පරිදි අද දිනයේදී නොරොච්චෝලේ ලක්විජය බලාගාරය පණ ගැන්වීමට නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ සදහා තව දින කිහිපයක් ගතවෙනු ඇති බව එහි සභාපති අනුර විජේපාල මහතා පැවසීය.
පසුගියදා අළුත්වැඩියා කළ ට්‍රාන්ස්ෆෝමරය ස්ථායි වීම සඳහා පැය 48ක කාලයක් ගතවන බව ඔහු සදහන් කළේය. කෙසේ වෙතත් හෙට දිනයේදී නොරච්චෝලේ බලාගාරය පණගැන්වීමට හැකිවුව හොත් එදින සිට සිකුරාදා දක්වා පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.








