ඉන්දියාවේ තමිල්නාඩු හි සංචාරය කරන ශී‍්‍ර ලාංකිකයන්ට ශ්‍රී ලංකා රජය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඊයේ (03) තමිල්නාඩුවේ තන්ජමූර්හි පූර්ණි මාතා පල්ලිය වන්දනා කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 184දෙනකුට හිරිහැර කරන ලද සිද්ධියකින් පසුව මෙම අනතුරු ඇඟවීම කර තිබේ.
ඊයේ සිද්ධියට මුහුණපෑ වන්දනාකරුවන්ගේ ආරක්‌ෂාව සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වහාම පියවර ගත් බව විදේශ අමාත්‍යාංශය පවසයි.
වන්දනාකරුවන්ට මුහුණ දීමට සිදුවූ සිද්ධිය ගැන කනගාටුව පළ කරන ශ්‍රී ලංකා රජය, අත්‍යවශ්‍ය කටයුත්තට හැර වෙනත් අවශ්‍යතා සඳහා තමිල්නාඩුවට යාම යළි දැනුම් දෙනතුරු නතර කරන්නැයි ඉල්ලා සිටියි.
අපහසුතාවට පත් වූ ශ්‍රී ලාංකිකයන් අද (4 ) යලි දිවයිනට පැමිණීමට නියමිත යෑයිද විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම වන්දනාකරුවන්ගේ ආරක්‌ෂාව සඳහා ඉන්දියානු රජය සමග එක්‌ව සියලුම පියවර ගෙන ඇතැයිද විදේශ අමාත්‍යාංශය පවසයි. එසේම, උද්ගත වී ඇති තත්වය පිළිබඳ ඉන්දීය මධ්‍යම රජය සමග සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කරයි.







