ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු හා සන්නිවේදකයෙකු වන තිලක් ජයරත්න මහතා අභාවප්‍රාප්තවී ඇති බව වාර්තාවේ.
ගුවන් විදුලි සංථාවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු ද වන තිලක් ජයරත්න මහතා මියයන විට 69 වියෙහි පසුවිය. ඒ මහතා ගුවන්විදුලි/රූපවාහිනි නාට්‍ය පිටපත් රචකයකු ලෙස හා නවකතා කරුවෙකු ලෙසද ඉමහත් කාර්යභාරයක් කරනු ලැබීය.
වනස්පති, කඩුල්ල, නාදුනන පුත්තු, දන්ඩේලූ ගිනි ආදී ඓතිහාසික නාට්‍ය ඔහුගේ නිර්මාණයන්ය. “සවාසනා“ ඔහු විසින් ලියන ලද නවකතාවකි.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ප්‍රජාමූල ගුවන්විදුලියක් බිහිකිරීමේ පර්යේෂණ රැසක ඒ මහතා නිරත විය. ඒ හරහා රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යයන්ට විකල්ප ලෙස ප්‍රජාවගේ දායකත්වය සහ තීන්දු තීරණ සහිත විකල්ප මාධ්‍යයක් හදුන්වාදීමට ඔහු උත්සාහ කරනු ලැබීය.









Comments