දැනට අත්අඩංගුවේ සිටින චීන ජාතිකයා ගිල දමා ඇත්තේ සැබෑ දියමන්තිය නොව ව්‍යාජ, වීදුරු වලින් සකසන ලද එකක් යැයි සකයක් මතුව තිබේ. පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින්ද ඒ බව පවසා ඇත. එහෙත් සැබෑ දියමන්තියට සිදු වූයේ කුමක්දැයි ඇසූ විට ඔහු ඊට පිළිතුරු ලබා දී නැත.
මේ වන විට එම චීන ජාතිකයා කොළඹ ජාතික රෝහලේ රඳවා ඇති අතර ඔහු ගිල දැමූ දියමන්තිය පිටතට ගන්නා තුරු රෝහලේ රඳවා තබන ලද අධිකරණයද නියෝග කර තිබේ.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රචාරක අංශය පවසන්නේ, මෙම චීන ජාතිකයා සමග තවත් හය දෙනකු පැමිණ ඇති බවත්, ඔහු සමග දියමන්ති නරඹමින් සිටි අනෙක් චීන ජාතිකයා සැබෑ දියමන්තිය රැගෙන පලා ගියාද යන සැකය මතුව ඇති බවයි. ඔවුන් රටින් පිටවීමට තැත් කළොත් අත්අඩංගුවට ගන්නා ලෙස මේ වන විටත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත දැනුම් දී තිබේ.
චීන ජාතිකයා විසින් ගිල දමන ලද දියමන්තිය පිටතට ගැනීමෙන් පසුව මෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගත හැකි වනු ඇතැයි පොලිසිය පවසයි.







