එක්සත් ජාතික පක්ෂයේ 66 වැනි උපන්දිනය වෙනුවෙන් සූදානම් කර තිබූ උත්සවයට ඊයේ සහභාගි නොවූයේ මැතිවරණ කටයුතුවලට සහභාගි වීම නිසා යැයි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන් එම උත්සවය වර්ජනය කළ බවට පක්ෂයේ සුළු පිරිසක් විසින් අසත්‍ය ප්‍රචාරයක් දියත් කරමින් සිටින බවයි. තමන් පාක්ෂිකයින් දැනුවත් කරමින්, අපේක්ෂකයින් දිරිමත් කරමින් කටයුතු කළ බවද ඔහු සඳහන් කරයි.







