58වන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සම්මේලනයට සහභාගී වීම සඳහා අද(07) සහ හෙට(08) දිනවලදී පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සාමාජික රටවල් 54ක ප්‍රාන්ත 179ක් නියෝජනය කරමින් කථානායකවරු සහ මන්ත්‍රීවරුන් 800කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙයි.
මෙම සම්මේලනයේ සැසිවාර අද සිට ලබන 15වනදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.
මූලික සැසිවාර කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 11වනදා නෙළුම් පොකුණ රගහලේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 58වන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සම්මේලනයේ සමාරම්භක උළෙල ඇරඹේ.
මෙම සම්මේලනයේ දී කලාපීය සාමාජික රටවල පවතින පොදු ගැටලු සාකච්ඡා කර ඒවාට විසඳුම් සහ එකඟතාවයක් ඉදිරිපත් කරන බව කථානායක චමල් රාජපක්‍ෂ මහතා පැවසීය.
58වන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සම්මේලනයේ සභාපතිත්වය දරනු ලබනුයේ ශ්‍රී ලංකාවයි. එසේම මීට පෙර 1974 සහ 1995 වසරවලදීද පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සම්මේලන දෙකක් ශ්‍රී ලංකාවේ පවත්වා ඇත.








