අවිධිමත් සංවර්ධන සැලැස්මවල් නිසා ලංකාවේ පිහිටි කඩොලාන පරිසර පද්ධති 1994 වසරේ සිට මේ වනවිට හෙක්ටයාර් 4500 ක් විනාශ වී ඇති බව පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂක සජිව චාමිකර මහතා සඳහන් කරයි.
1994 වසර වනවිට ලංකාවේ කඩොලාන පරිසර පද්ධතිවල භූමි ප්‍රමාණය හෙක්ටයාර් 11500 ක් පමණ තිබිණි. නමුත් 1994 පසුව කඩොලාන පරිසර පදධති පිහිටි ප්‍රදේශවල අවිධිමත් සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනිම නිසා මේ වනවිට එම හෙක්ටයාර් ප්‍රමාණය 7000 දක්වා අඩුවී තිබෙන බව අධ්‍යක්ෂක වරයා සඳහන් කළේය.
මේ තත්වය නිසා ලංකාවට ආවේනික කඩොලාන ශාඛ විශේෂ 22 ශ්‍රීග්‍ර ලෙස වඳවී යාමකට ලක්ව ඇති අතරම, මීට අමතරව ලොකයේ වාර්තා වන කඩොලාන විශේෂ අතරින් 37% ලංකාව තුළ ව්‍යාප්තව පවති. එම ශාක විශේෂ ද වඳවී යාමට ලක්ව ඇතැයි සජිව චාමිකර මහතා සඳහන් කළේය.








