මෙවර මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කරන බවට කැලණිය සරසවියේ සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වූ බවට පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කැෆේ සංවිධානය එම සරසවියේ උපකුලපතිවරයාගෙන් තොරතුරු ඉල්ලා ලිපියක් යවා තිබේ.
එම ලිපිය මගින්, අදාළ සමීක්ෂණය සිදු කළේ කවුරුන් විසින්ද, සරසවියේ කුමන ආයතනයක් යටතේද, ඊට විධිමත් අවසරයක් ලබා ගෙන තිබේද යන්න සහ අදාළ සමීක්ෂණයේ තොරතුරු අනාවරණය කළේ පාලක සභාවේ අනුමැතිය යටතේද යන්න පිළිබඳව විමසා තිබේ.
එමෙන්ම අදාළ සමීක්ෂණය සිදු කරන ලද්දේ විශ්වවිද්‍යාලයේ මුදල් මගින්ද, කොපම මුදලක් ඊට වෙන් කරන ලද්දේ යන්න පිළිබඳවද එම ලිපිය මගින් විමසා ඇත.
කැෆේ සංවිධානයේ නීති අංශයේ ප්‍රධානී නීතිඥ හරේන් බානගල මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය යවා තිබේ.







