අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය "ඉනි අවන්" 37 වන ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල 2012 සඳහා අද්‍යතන ලෝක සිනමා අංශය (ජදබඑැපච්ර්රහ අදරකා ජසබැප්) නියෝජනය සඳහා නිළ වශයෙන් තෝරාගෙන ඇත.
මෙම අංශයේ චිත්‍රපට අතරින් කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය විසින් දීර්ඝ සංවාදයක් සඳහා තෝරාගෙන ඇති චිත්‍රපට 5 අතරට "ඉනි අවන්" ඇතුළත්වීම විශේෂත්වයකි. ප්‍රදර්ශනයෙන් අනතුරුව ප්‍රේක්ෂකයන් සමග චිත්‍රපටයේ තේමාව කලාත්මක භාවය පිළිබඳව ගැඹුරු සංවාදයක් කිරීමට ද නියමිතය.
"ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල" උතුරු ඇමරිකාවේ විශාලතම සහ වඩාත්ම දීප්තිමත් චිත්‍රපට උළෙල ලෙස සැලකේ. "ඉනි අවන්" චිත්‍රපටය මේ වනවිට ලොව පුරා ස්වාධීන සිනමා උළෙල රැසක්ම නියෝජනය කරතිබේ.






