ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය අතර තරග තුනකින් සමන්විත 20 -20 තාරගාවලියේ පළමු තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවත් විය. එම තරගයෙන් කඩුලු 07 විශිෂ්ට ජයක් වාර්තා කිරිමට පකිස්තානය සමත් විය.
කාසියේ වාසිය දිනාගත් පකිස්තාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළ අතර, ඔවුන්ගේ අපරික්ෂාකාරි පිති හරඹය නිසා ලකුණු 89 වැනි අඩු ලකුණු සංඛයාවකට දවා ගැනිමට පකිස්තානය සමත් විය.මෙම ඉනිමේදි එකදු හයේ පහරක් හෝ දැක ගැනිමට නොහැකි වු අතර ඉනිම පුරාවටම හතරේ පහරවල් දැකගත හැකිවුයේ තුනක් පමණක් වීම ද විශේෂයකි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල පකිස්තාන කණ්ඩායම පන්දුවාර 14.5 කදි කඩුලු 03 ක් දැවි එම ලකුණු සංඛයාව වාර්තා කරන ලදි.
මෙම පරාජය සමගම ඔස්ට්‍රේලියාව 20-20 ලෝක ශ්‍රේණිගත කිරිමට අනුව 10 වැනි ස්ථානයට පත්විමට සිදුවිය.
ලකුණු පුවරුව,
ඔස්ට්‍රේලියාව
පන්දුවාර 19.3 කදි සියලු දෙනා දැවි ලකුණු 89 (ඩේවිඩ් වෝනර් 22, සොහෙල් තන්වීර් 3-13)
පකිස්තානය
පන්දුවාර 14.5 කදි කඩුලු 03 ක් දැවි ලකුණු 90 (කම්රන් අක්මාල් නොදැවී 31, ඉම්රාන් නසීර් 22, ෂේන් වොට්සන් 1-9)






