හැටන් - නුවරඑළිය මාර්ගයේ වාහන ගමනාගමනයෙන් හැකිතාක් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කර තිබේ. මාර්ගයේ සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් සහ මාර්ගයේ මඩ සහිත බව හේතුවෙන් අධික ලිස්සන සුළු ස්වභාවයක්ද පවතින බව දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි.
එබැවින් කොළඹ සිට අවිස්සාවෙල්ල ඔස්සේ ගමන්ගන්නා වාහන ගිණිගත්හේන, නාවලපිටිය හරහා නුවරඑළිය විකල්ප මාර්ගය භාවිතා කරන ලෙස ඒ මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.






