හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්‌ත කර ඇති උපාධිධාරීන් විස්‌සක පමණ පිරිසක් ප්‍රදේශයේ පාසල් තුනක කම්කරු වැඩට යොදවා ඇතැයි එම කාර්යාලයේ සේවය කරන උපාධිධාරීහු පවසති.
හබරාදුව මීපේ අමනායන විද්‍යාලය, පිටිදුව කනිටු විදුහල සහ අහංගම නාකන්ද කනිටු විද්‍යාලය යන විදුහල්වල වල් නෙලීම, තීන්ත ආලේප කිරීම, ගෙවතු අලංකරණය වැනි කටයුතුවලට මෙම උපාධිධාරීන් යොදවා ඇත.
මේ පිළිබඳ උපාධිධාරින් විසින් ඉහළ නිලධාරීන් වෙත විරෝධය දක්‌වා ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එක්‌තරා නිලධාරිනියකගේ උවමනාව මත උපාධිධාරීන් හට මෙම කටයුත්ත අනිවාර්ය කර ඇතැයි පැවැසේ.
(දිවයින ඇසුරිනි)







