වසරක් පාසා ලොව පුරා පුවත්පත්කලාවේදීන් විසින් සමරන ‘ජාත්‍යන්තර පුවත්පත්කලාවේදී සහයෝගිතා දිනය’අදට (08) යෙදී තිබේ.
1958බල්ගේරියානු අගනුවර,බුකාරෙස්ට් නගරයේ පැවැති අන්තර්ජාතික පුවත්පත්කලාවේදී සංගමයේ 4වැනි සම්මේලන වාරයේදී මෙම වාර්ෂික සහයෝගිතා දිනය ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවේ නාසි සිරකඳවුරකදී වධ දී මරා දැමුණු චෙක් ජාතික පුවත්පත්කලාවේදී ජූලියස් ෆුචික්ගේ මරණය සිහිකිරීම පිණිසය.
එතැන් සිට මෙම සුවිශේෂී දිනය ලොව පුරා පුවත්පත්කලාවේදීන්ගේ අන්‍යෝන්‍ය සුහදතාවය,වෘත්තිය ගරුත්වය හා ජනතාවාදී පුවත්පත්කලාවක අවශ්‍යතාවය සටහන් කරමින් සමරනු ලැබිණි.








