Latest news
A+ R A-

විසඳුම් නොලැබුණහොත් වර්ජනය දරුණු වේවි - සරසවි ඇඳුරන් අනතුරු අඟවයි

E-mail Print PDF

 

රජය තවදුරටත් සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයනට නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කළහොත් දැනට සපයන සේවාවන් වලින් ඉවත් වීමට හෝ සීමා කිරීමට සිදුවන බව රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ  මෑතක දී බිහි වූ වෛද්‍ය පීඨවල ආචාර්ය මණ්ඩලවල ඇති විශාල පුරප්පාඩු සංඛ්‍යාවකට ප‍්‍රධාන හේතුව වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩලය ලබන අඩු වැටුප බවය.

 

නිවේදනය සම්පුර්ණයෙන් මෙසේය.

 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය බොහෝ විශ්වවිද්‍යාල පීඨවල ආචාර්ය සංගම්වල සහභාගීත්වයෙන් ආරම්භ කර ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන ජනතාව දැනුවත් බව අප දනිමු. එම ක්‍රියාමාර්ගය නිසා පීඨ කිහිපයක් හැර සියඵම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු නැවතී ඇති බව සදහන් කළ යුතුය.

 

විශ්වවිද්‍යාල ඇතුඵ සියඵ රජය මගින් සපයන අධ්‍යාපන කටයුතු සදහා වැය කරන මුදල වැඩි කිරීම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුඵ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන අරඹා ඇති මෙම ක්‍රියාමාර්ගයට රජය දක්වා ඇති ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව අපගේ හැගීමයි.

 

රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය මෙම වාත්තීය සමිති ක්‍රියාමාර්ගයට මුල සිටම පුර්ණ සහයෝගය ලබා දෙයි.  මෑතක දී බිහි වූ වෛද්‍ය පීඨවල ආචාර්ය මණ්ඩලවල ඇති විශාල පුරප්පාඩු සංඛ්‍යාවකට ප්‍රධාන හේතුව වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩලය ලබන අඩු වැටුපයි.  විශේෂයෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ, රජයේ රෝහලවල සමාන සුදුසුකම් ඇති වෛද්‍යවරුන්ට වඩා අඩු වැටුපක් හා වරප්‍රසාද වෛද්‍ය පීඨවල ආචාර්යවරු ලබති.  එම තත්වය මෑතක දී ඇති වූ තත්වයකි. එබැවින් බොහෝ වෛද්‍යවරු වෛද්‍ය පීඨ ආචාර්යවරුන් ලෙස සේවය කිරීමට මැලි වෙති.  මේ තත්වය නිසා ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට විශාල තර්ජනයක් එල්ල වී ඇත. අප වෛද්‍ය පීඨයට මෙම තත්වය නිසා යම් බලපෑමක් එල්ල වී ඇත.

 

වෙන් කරන මුදල්වල ප්‍රමාණය අඩු නිසා අප වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයතුවලට  බාධා ඇති වී තිබේ. මේ තත්වය උග්‍ර ලෙස බලපාන්නේ අලුතින් ආරම්භ කල ඹෟෂධවේදී, වෛද්‍ය රසායනාගාර සහ හෙදි පාඨමාලා සදහාය.

 

මේ තත්වය යටතේ රුහුණ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය දීමක් ලෙස දැනට මාස 2කට වැඩි කලක් සියඵ දේශන, නිබන්ධන හා විද්‍යාගාර ප්‍රායෝගික පුහුණු කිරීම්වලින් වැලකී සිටියි.  වෛද්‍ය අධ්‍යාපනයේ ඇති සමහර විශේෂ කාරණා සලකා සියඵ සායනික කටයුතු සහ අවසාන වසර සියඵ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යයි. මීට අමතරව රුහුණ වෛද්‍ය පීඨය මගින් රෝගීන්ට සිදුවන සියඵ සේවා අඛණඩව පවත්වා ගෙන යයි.  එම සේවා නම් කරාපිටිය රෝහල තුළ සායනික කටයුතු, වෛද්‍ය පීඨයේ සියඵම අංශවල රසායනාගාර සේවා, රුධිර පරීක්ෂණ , අනෙකුත් පරීක්ෂණ ඇතුඵ සියඵ සේවාවන්ය.

 

දැනට වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩලය දිනපතාම විශාල සේවාවක් අඛණ්ඩව රෝගීන් වෙනුවෙන් කරගෙන යයි. මෙම සේවාවන් පවත්වා ගෙන යන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක යෙදෙමින් මාස දෙකකට වැඩි කාලයක් වැටුප් නොලබා වීම විශේෂයෙන් සදහන් කරනු කැමැත්තෙමු.  කෙසේ නමුත් රජය තවදුරටත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයනට නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කළහොත් දැනට සපයන සේවාවන් වලින් ඉවත් වීමට හෝ සීමා කිරීමට සිදුවන බව සදහන් කරනු කැමැත්තෙමු.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 155 guests online

Advertisment

advertisment