පළාත් සභා ඡන්ද විමසීමට අදාලව අද දිනය තුළ දී පමණක් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 10 ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසයි. ඡන්ද මධ්‍යස්ථාන අසල අත්පත‍්‍රිකා බෙදීම, මනාප අංක ප‍්‍රදර්ශනය කිරීම ආදී සිද්ධින් කිහිපයක් පිළිබඳ පැමිණිලි එලෙස ලැබී ඇති බව එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය.
මේ අතර පෙරවරු 07ට ආරම්භ වු පළාත් සභා ඡන්ද විමසීමේදී උදෑසන කාලයේ ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණීම මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබුණු අතර මේවන විට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්ද දායකයින් ප්‍රමාණය තරමක වැඩිවීමක් පෙන්නුම්කරන බවද අප වාර්තාකරුවන් ප්‍රකාශ කරති.







