පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වෙන නැගෙනහිර පළාතේ අක්කරෙයිපත්තු, වාලච්චේන සහ ඔට්ටමාවඩි යන ප‍්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන්නැයි මැතිවරණ නිරික්‍ෂණ සංවිධාන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඊයේ රාත‍්‍රීයේ ඇති වු සිද්ධින් කිහිපයක් සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම කළ බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
එම ප‍්‍රදේශවල ඊයේ රාත‍්‍රීයේ ද පුද්ගල පහරදීම් 2ක් ඇතුළු සිද්ධින් කිහිපයක් වාර්තාවී බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.








