ඉදිරියේදී සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී අගමැති ධූරයේ වෙනසක් සිදුකිරීමට නියමිත අතර ඒ සදහා මැති ඇමතිවරුන් 8 දෙනෙකුගේ නම් යෝජනාවී ඇතැයි රජයේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
කතානායක චමල් රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, මෛත්‍රිපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ හා හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක යන අයගේ නම් අගමැතිධූරය සඳහා යෝජනාවී තිබෙන බව එම ආරංචි මාර්ග සදහන් කරයි.
කැබිනට් මණ්ඩල සංශෝධනය මීට මාස තුනකට ඉහතදී සිදුකිරීමට නියමිතව තිබුණු අතර පළාත් සභා මැතිවරණය හේතුවෙන් එය ප්‍රමාද වී තිබිණි. ඒ අනුව මීළග පළාත් සභා මැතිවරණයට පෙර බොහෝ දුරට කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවිය හැකි බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.
දැනට අග්‍රාමාත්‍යධුරය දරන දි.මු. ජයරත්න මහතා මේවන විට රෝගාතුර තත්ත්වයෙන් සිටී.






