පළාත් සභා මැතිවරණයේ උතුරු මැද පළාත් සභාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත්ව තිබේ. ප්‍රතිඵලවලට අනුව වැඩිම මනාප ලබාගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පී.බී. රත්නායක මහතාය. ඔහු ලබා ඇති මනාප ගණන 39,107කි.
දෙවන ස්ථානය හිමිකර ගත් පේෂල ජයරත්න මනාප 37,549ක් හිමිකර ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු කේ නෙල්සන් මනාප 34,341ක් ලබාගෙන තිබේ.







