උතුරු මැද පළාත් සභා මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ මුල්තැන හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අභිබවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එස්.එම්. රංජිත් මහතා මනාප 105,232ක් ලබාගෙන තිබේ.
බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ලබාගෙන ඇත්තේ මනාප 95,027කි. අනුරාධපුර දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදුණු චන්දිම ගමගේ මහතා මනාප 32919ක් ලබාගෙන තිබේ.







