දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව නැගෙනහිර පළාත් ආණ්ඩුව පිහිටුවීම සඳහා තමන්ට ආරාධනා කරන ලෙස නැගෙනහිර ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. ඔවුන් එමගින් පෙන්වා දී ඇත්තේ ජනමතය ඇත්තේ තමන්ට බවයි.
දෙමළ ජාතික සන්ධානයට නැගෙනහිර පළාත් සභාවේ මන්ත‍්‍රී ධුර 11ක් හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂයට මන්ත‍්‍රී ධුර 4කි. ඒ අනුව ඔවුන් එක් වූ විට මන්ත‍්‍රී ධුර 15කි.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයද නැගෙනහිර පළාත් සභාවේ පළාත් ආණ්ඩුව පිහිටුවන්නේ තමන් බව ප‍්‍රකාශ කර ඇත. සන්ධානයට මන්ත‍්‍රීධුර 14ක් හා ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීධුරය සමග ඔවුන්ටද මන්ත‍්‍රී ධුර 15ක් තිබේ.
මේ නිසා මෙහි තීරණාත්මක සාධකය වී ඇත්තේ මුස්ලිම් කොංග‍්‍රසය වන අතර සියලූ පාර්ශ්ව ඊයේ සිටම මුස්ලිම් කොංග‍්‍රස් නායක රාවුෆ් හකීම් සමග සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුවේ කොටස්කාර පාර්ශ්වයක් වුවත් මෙවර නැගෙනහිර පළාත් සභාවට තනිවම තරග කළේය. ඒ මහඇමති ධුරය සම්බන්ධයෙන් ඇති වූ ගැටලූවක් හේතුවෙනි. මුස්ලිම් කොංග‍්‍රසයට මන්ත‍්‍රී ධුර 7ක් හිමිව ඇත.
තමන් මෙවර සහාය පළ කරන්නේ කාටද යන්න පිළිබඳව මුස්ලිම් කොංග‍්‍රසය අද දහවල්වන විට තීරණයක් ගනු ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.







