වකුගඩු රෝගය දැඩිලෙස ව්‍යාප්තවීම නිසා,වසරකට වකුගඩු රෝගීන් 6000කට පමණ වකුගඩු බද්ධ කිරීමට හා රුධිර කාන්දු කරණය සඳහා යොමු කරන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් මේ ප්‍රමාණයෙන් සැත්කම් වලට භාජනය කිරිමට හැකියාව ඇත්තේ 600 පමණ බව වෛද්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
අධි රුධිර පීඩනය, දිය වැඩියාව පාලනය නොකිරිම වර්තමානයේ වකුගඩු රෝගීන් බහුල වීමට බලපා ඇති බව වෛද්‍ය මතයයි. මීට පෙර වයස 50- 60 කාණ්ඩයේ පසු වූවන් මෙම රෝග තත්ත්වයට ගොදුරු වනබව වාර්තා වුවත් මේ වනවිට අවුරුදු 30-40 වයස් කාණ්ඩයේ පසුවන තරුණ පිරිස වැඩිපුර වකුගඩු රෝගයට ගොදුරු වනබව පරික්ෂන වලින් හෙලිවී ඇත.
වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් වැයවෙයි. බහුතරයකට එම මුදල දරාගැනීමට නොහැකි නිසාත්, බොහෝ රෝහල්වල වකුගඩු බද්ධ කිරීමේ හැකියාව නොමැති නිසාත් රජයේ රෝහල්වල වාර්ෂික සැත්කම් පොරොත්තු ලේඛනයට එක්වන පිරිස වැඩිබව වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කරයි.








