යාපනයේ කරපිටි පිල්ලෙයාර් කෝවිල අසලදී කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකුට අවට ගම්මාසීන් විසින් පහරදී ඇති බව වාර්තාවේ. ඊයේ රාත්‍රී 09.45ට පමණ මෙම සිදුවීම සිදුව තිබේ. පසුව සිද්ධිය වූ ස්ථානයට පැමිණි වඩුකොට්ටේ පොලිසියේ නිලධාරීන් අදාළ පොලිස් නිලධාරියාව මුදවාගෙන ගොස් ඇති බවද වාර්තාවේ.







