රසායනික ද්‍රව්‍ය රැගෙන ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටියදී ගිනි ගැනීමට ලක්වූ නැවේ ගින්න ඉන්දීය වෙරළාරක්ෂක හමුදා විසින් පැය 6ක මෙහෙයුමකින් පසු නිවා දැමීමට සමත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ගින්න මැඩපැවැත්වීමෙන් පසු නෞකාවේ සිසිලන කටයුතු සිදුකෙරෙන බව එම වාර්තා සදහන් කරයි. එම්.වී. ඇම්ස්ටර්ඩෑම් බ්‍රිජ් නැමැති නෞකාව ඊයේ සවස ගිනිගැනීමට ලක්වූයේ මුම්බායි වෙරළ තීරය ආසන්නයේදීය.
ගින්න හට ගන්නා අවස්ථාව වන විට නෞකාවේ ටොන් 54 ,405ක රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබිණ. එම රසායනික විෂ සහිත වන අතර එය සාගරයට එක්වුව හොත් එමගින් සාගරයට හා මිනිසාට අහිතකර බලපෑම් එල්ල කළ හැකි බව ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබේ.
කෙසේ වෙතත් නෞකාවේ කාර්ය මණ්ඩලය කඩිනමින් බේරා ගැනීමට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය පියවරගෙන තිබේ.








