කාර්මික දෝෂයක් හේතුවෙන් අළුත්වැඩියා කටයුතු සිදුකරමින් තිබූ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය අද යළි ක්‍රියාත්මක කර තිබේ.
මේවන විට බලාගාරය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් බලාගාරයේ මෙගාවොට් 300ක සම්පූර්ණ විදුලි ධාරිතාව ජාතික පද්ධතියට එක්කර ඇති බවත් විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති අනුර විජේපාල මහතා පැවසීය.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ද විදුලි කප්පාදුවක් සිදුනොකරන බවත් වැසි තත්ත්වය පිළිබඳ අවධානය යොමුකර විදුලිය කප්පාදුව සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන බවත් ඔහු සඳහන් කළේය.






