එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළ පළාත් සභාවල මහ ඇමති ධුර සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මේ සතිය අවසන් වීමට පෙර ප්‍රකාශ කළ හැකි වනු ඇතැයි සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
සන්ධානයේ මහලේකම්වරයා පවසන්නේ, මැතිවරණ කොමසාරිස්වරයා ජයග්‍රහණය කළ අපේක්ෂකයින්ගේ නම් ගැසට් කිරීමෙන් පසුව එය කළ හැකි වනු ඇති බවයි. මේ වන විට උතුරු මැද පළාත් සභාවේ මහ ඇමති ධුරය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති අතර හිටපු මහ ඇමති බර්ටිප්රේමලාල් දිසානායක මහතා දෙවැනි සථානයට වැටී එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ සොයුරු එස්.එම්. රංජිත් මහතා වැඩි මනාප ලබා තිබේ. ඔවුන් දෙදෙනා වෙනුවෙන්ම මහ ඇමති ධුර සටන් ඇවිලෙමින් තිබෙන බව ආණ්ඩුව අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.








