A+ R A-

සුදු වෑන් පැහැරගැනීම් ගැන කරුණු කියන්නැයි හමුදාපති සහ පොලිස්පතිට නොතීසි

E-mail Print PDF

 

සුදු වෑන් රථවලින් පැහැරගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් අධිකරණය පොලිස්පතිවරයා, හමුදාපතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කර තිබේ.

පසුගිය වසරේ මට්ටක්කුලියෙදී එන් ඒ ප්‍රේමරත්න, කැලුම් නිශාන්ත සහ ගයාන් ප්‍රියන්ත යන තිදෙනා අධිකරණ හමුවට ඉදිරිපත් කරන මෙන් නියෝග කරන්නැයි ඉල්ලා ඔවුන්ගේ බිරිඳන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කිරීමෙන් අනතුරුව, අභියාචනාධිකරණය එම නියෝගය කළේය.

එහිදී කොළඹ අපරාධ කොට්ටාශය භාර අධ්‍යක්ෂවරයාට හා බියගම සහ මෝදර පොලිස් ස්ථානාධිපතිවරුන්ට ද නොතීසි නිකුත් කෙරිනි.

2010වසරේ මට්ටක්කුලිය පොලීසියට පහර දීමේ සිද්ධියට සම්බන්ධ යයි චෝදනා මත අත් අඩංගුවට ගැනුණු තම සැමියන් පසුව අධිකරණය මගින් ඇප මත නිදහස් කරන ලද බව පවසන පෙත්සම්කාරියෝ, ඉන් පසුව සුදු වෑන්වලින් පැමිණි පිරිසක් ඔවුන් පැහැරගෙන ගිය බවද ප්‍රකාශ කරති.

තම සැමියා පැහැරගෙන ගිය ආකාරය පොලිස් නිලධාරින් පවා දුටු නමුත් පොලීසිය එය වැළැක්වීමට කටයුතු නොකළ බවකැලුම් නිශාන්තගේ බිරිඳ ඉරේෂා නිල්මිණි ප්‍රකාශ කළේය.

"පොලීසිය දැක්ක මේ වෑන් එක යනවා. ඒගොල්ලන්ට වෙඩි තියල හරි අල්ලන්න තිබුනනේ? දැන් අපි වගේ මනුස්සයෙක් ගියා නම් ඒගොල්ල අල්ල ගන්නවනේ?," ඇය ප්‍රශ්න කරයි.

අතුරුදහන්ව සිටින ගයාන් ප්‍රියන්තගේ බිරිඳ දුලාරි සිල්වා පවසන්නේ තම සැමියා පැහැරගෙන ගිය පිරිස අතර හමුදා සෙබළුන්ද සිටි බවයි.

"මට තුවක්කු පෙන්නලා මහත්තය ඇදගෙන ගියා හමුදාවේ අයත් හතර දෙනෙක් ආව. ඒගොල්ල ගේ වටකරගෙන හිටියේ," ඇය පැවසීය.

පෙත්සම්කාරියන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සෑහීමකට පත්වන බව ප්‍රකාශ කළ අධිකරණය ඒ පිළිබඳව විභාගයක් පැවැත්වීමට තීන්දු කළේය. වැඩිදුර විභාගය ඔක්තෝබර් 17 වැනි දිනට කල් තැබිණ.

(බී.බී.සී. ඇසුරිනි)

This content has been locked. You can no longer post any comment.

සේයා සටහන

අවුරුදු දා

අවුරුදු දා

අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනිමේ අරගලයට, අවුරුදු දා වුව විරාමයක් නොතබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Search

online

We have 82 guests online