A+ R A-

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීම අත්හිටුවේ

E-mail Print PDF

 

ප්‍රාසාංගික හා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු සියයට 40 දක්වා අඩුකිරීම සහ අභියෝගතා පරීක්ෂණය පැවැත්වීම නතර කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10) නියෝග කර තිබේ.

විශ්ව විද්‍යාල කතිකාචාර්යවරුන් සිව් දෙනෙකු විසින් ගොනු කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ඊට අදාළ නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.  අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

නඩු විභාගය අවසන් වන තෙක් එම විශ්ව විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම අත්හිටුවන ලෙස එහිදි විනිසුරු මඩුල්ල නියෝග කළේය. එමෙන්ම සිසුන් බඳවා ගැනීමේ දී අනුගමනය කළ යුතු අත්පොත ක්‍රියාත්මක කරවීම නතර කරන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර මීළඟ නඩු විභාගය දෙසැම්බර් 06 වැනිදා යළි කැඳවීමට නියමිතය.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්... Read more

online

We have 148 guests online

Advertisment

advertisment