A+ R A-

ආණ්ඩුවට සහය දීමට නැඟෙනහිර ජනතාවට පිටුපෑමක් - අසාද් සාලි

E-mail Print PDF

 

ද්‍රවිඩ ජාතික සන්ධානයට, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා එක්සත් ජාතික පක්ෂයට නැගෙනහිර පළාත තුළ ලක්ෂ 4 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාදී ඇත්තේ ආණ්ඩුව සමගින් කටයුතු කිරීමට නොවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් මඩකලපුව දිස්ත්‍රික්කට තරඟ කල කොළඹ මහ නගර සභා හිටපු මන්ත්‍රී අසාත් සාලි මහතා පවසයි.

ඔහු පවසා ඇත්තේ ආණ්ඩුව සමගින් තවදුරටත් එක්ව කටයුතු කිරීමෙන් යහපත් අනාගතයක් නොමැති බවයි.

එමෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානය පවා නැගෙනහිර පළාතේ ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් යහපත් අවබෝධයක් ඇතිව කටයුතු කරමින් තිඛෙන බවට පෙනෙන්නට ඇති බවත් ආණ්ඩුවට එරෙහිව ඡන්දය ලබාදුන් ජනතාවගේ මනාපයට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට ආණ්ඩුවෙන් ඉවත්ව කටයුතු කල යුතු බවත් ඔහු පෙන්වාදී තිබේ.

කෙසේ වෙතත් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසා ඇත්තේ තම පක්ෂයේ සහාය සන්ධානයට හිමිවන බවයි.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්... Read more

online

We have 167 guests online

Advertisment

advertisment