උතුරු මැද ප‍්‍රධාන අමාත්‍ය ධුරය තමන්ට ලැබිය යුතු බව එම පළාතේ වැඩිම මනාප ලාභියා වන එස්.එම්. රංජිත් මහතා පවසයි. මහජන මනාපය මෙන්ම උතුරු මැද ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ තෝරා ගැනීම ද නිසැකයෙන්ම තමන් බව ඔහු අවධාරණය කළේය.
උතුරුමැද පළාත් සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතගේ සොහොයුරෙකු වන එස්. එම්. රංජිත් මහතා මනාප ඡන්ද 105232 ක් ලබා ගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමු තැනට පත්ව ඇත.
උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් තුනෙන්ම තරඟ කළ අපේක්ෂකයින් අතුරින් මනාප ඡන්ද ලක්ෂය ඉක්ම වූ එකම අපේක්ෂකයා බවට ද රංජිත් මහතා පත්ව ඇත.
කෙසේවෙතත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා ඡන්ද ප්‍රතිපල වලින් පසුවද ප‍්‍රකාශ කළේ උතුරු මැද ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස නැවත පත්වන්නේ තමන්ම බවයි.
උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මනාප ඡන්ද 95027 ක් ලබා ගනිමින් දෙවැනි තැනට පත්ව ඇත.








