2011 වසර තුළ පුද්ගලයින් 3770 දෙනෙකු සිය දිවි හානිකරගෙන ඇති බව පොලිස් මූලස්ථාන නවතම වාර්තා අනාවරණය කරයි. ඒ අතරින් 1273ක් රැකියා විරහිතයින් වන අතර 899 දෙනෙකු ගොවීහුය. ශිෂ්‍යයින් 146 දෙනෙකුද එම වසර තුළ සියදිවි හානිකර ගෙන තිබේ. පවුල් ආරවුල් හේතුවෙන් 830 දෙනෙකුද, ප්‍රේම සබඳතා බිද වැටීම හේතුවෙන් 455 දෙනෙකුද සිය දිවි හානි කර ගෙන තිබේ.






