නැගෙනහිර පළාත් සභාවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නැගෙනහිර පළාත් නායකයෝ අද (11වැනිදා) කොළඹදී රැස්‌වෙති.
මෙම සාකච්ඡාවට සහභාගි වීම සඳහා පැමිණෙන ලෙස නැගෙනහිර පළාතට කොංග්‍රසයෙන් තේරී පත් වූ නියෝජිතයන් 07දෙනාට ද දැනුම් දී තිබේ.
මුස්‌ලිම් කොංග්‍රසයේ සහාය ලබාගැනීම සඳහා රජයේ නියෝජිතයන් හා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ඇමැති රාවුෆ් හකීම් මහතා සමඟ ඊයේ සාකච්ඡා කර ඇති අතර ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ නායකයින්ගේ හමුවේදී තම පක්ෂයේ සහය ආණ්ඩුවට හිමිවන බව හකීම් මහතා ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ.
කෙසේ වෙතත් පක්‍ෂයේ නැගෙනහිර නායකයන්, උත්තරීතර මණ්‌ඩලය හා දේශපාලන මණ්‌ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව රජයටත් දෙමළ සන්ධානයටත් සිය තීරණය දැනුම් දෙන බව හකීම් මහතා ප්‍රකාශ කර තිබේ.






