පවත්වන ලද පළාත් සභාවන්හි විපක්ෂ නායක ධුරයන් සඳහා පත්කරනු ලබන පුද්ගලයන් පිළිබඳව තීරණය කිරීම සඳහා අද (11 වැනිදා) එක්සත් ජාතික පක්ෂ උපදේශක කාරක සභාව රැස්වීමට නියමිතය.
උතුරුමැද සහ සබරගමුව පළාත් සභාවන්හි ප්රධාන විපක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පත්ව සිටින අතර ඒ සඳහා විපක්ෂ නායක ධුර සඳහා කවුරුන් පත් කරන්නේදැයි යන්න එජාප උපදේශක කාරක සභාවේදී තීරණය කරනු ලබන බව මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කීය.








